මෙල්බර්න් රැඳවුම් මධ්‍යස්ථානයක 14 ක් නිරාහාර උපවාසයක – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙල්බර්න් රැඳවුම් මධ්‍යස්ථානයක 14 ක් නිරාහාර උපවාසයක

මෙල්බර්න් රැඳවුම් මධ්‍යස්ථානයක 14 ක් නිරාහාර උපවාසයක

මෙල්බර්න් නුවර අනවසර සංක්‍රමණිකයන් රඳවා සිටින රැඳවුම් මධ්‍යස්ථානයක සිටින දේශපාලන රැකවරණ පතන්නන් 14 දෙනෙකු නිරාහාර උපවාසයක් ආරම්භ කර තිබේ.

ඔවුන් Manus සහ Nauru දූපත්වල රඳවා සිටි අතර වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් මෙල්බර්න් නුවරට රැගෙනවිත් තිබිණ.

මින් ඇතැමුන් වසර 09 ක් පමණ රඳවා තබාගෙන සිටින බවද වාර්තා වේ.

නවතම වාර්තාවලට අනුව මෙවැනි එක් රැඳවියෙකු වෙනුවෙන් රජයට වසරකට වැය කිරීමට සිදුව ඇති මුදල ඩොලර් 362,000 කි.

ලාංකික ද්‍රවිඩ සම්භවයක් සහිත පවුලක් සම්බන්ධ සිදුවීමත් සමග ඔස්ටේ්‍රලියාව තුළ සරණාගත ගැටලුව පිළිබඳ යළිත් ප්‍රබල කථිකාවතක් නිර්මාණය වී ඇති බවක් දක්නට තිබේ.