
කොරෝනා වසංගතය හමුවේ මාසයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කර තිබූ සංචරණ සීමා අද අලූයම 4 ට ලිහිල් වනවා.
යළිත් ලබන බදාදා රාත්‍රී 10 සිට ලබන සිකුරාදා 25 වනදා අලූයම 04 දක්වා පමණක් පෙර පරිදිම දිවයිනපුරා සංචරණ සීමා නැවත ක්‍රියාත්මකයි.
කෙසේවෙතත් දිවයින පුරා සංචරණ සීමා ලිහිල් කෙරෙන කාලසීමාවේදී අත්‍යාවශ්‍ය නොවන කාර්යයන් සදහා පළාත් අතර ගමන් කිරීමට අවසර හිමිවන්නේ නැහැ.

ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කෙරෙන අතර රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුයි.
සංචරණ සීමා ලිහිල් කෙරෙන කාලසීමාව තුල පොදු ප්‍රවාහන සේවා සහ වෙළදසැල් ඇතුලූ පාරිභෝගික සේවා සපයන ආයතන විවෘතව තැබීමට අවසර දී තිබෙනවා.
