
ඔස්ට්‍රේලියාව තුල වයස අවුරුදු 60ට වඩා අඩු පුද්ගලයින් හට Pfizer එන්නත ලබාදීමට ඕස්ට්‍රේලියානු රජය පසුගිය සිකුරදා තීරණය කලේය.
AstraZeneca එන්නත හා සම්බන්ධ දුර්ලභ තත්වයක් වන රුධිරය කැටිගැසීමේ තත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් දෙදෙනකු මිය යාමත් සමග රජය මෙම තීරණයට එළඹ තිබේ.
මේ අනුව AstraZeneca එන්නත අවම වශයෙන් වයස අවුරුදු 60ට වඩා වැඩි පිරිස සඳහා ලබාදෙන බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු රජය සඳහන් කොට සිටින්නේ මින් පෙර AstraZeneca එන්නත එක් වරක් ලබාගත් වයස අවුරුදු 60 ට වඩා අඩු වයසේ සිටින පුද්ගලයින් ඔවුන්ගේ මීළඟ මාත්‍රාව වශයෙන්ද AstraZeneca එන්නතම ලබාගන්නා ලෙසයි.
මේ අනුව වයස අවුරුදු 40 සිට 59 දක්වා වන කාණ්ඩය තුල සිටින පුද්ගලයින් හට Pfizer එන්නත ලබාදෙන බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt සඳහන් කොට සිටී.

මේ අතර මෙම වෙනස් කිරීම ඔස්සේ ඔස්ට්‍රේලියාව තුල කොරෝනා එන්නත් ලබාදීමේ යම් ප්‍රමාදයක් ඇතිවිය හැකි බවට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඉදිරියේදී ඇතිවිය හැකි දැඩි ඉල්ලුම මත වික්ටෝරියා ප්‍රාන්තය සිය Pfizer එන්නත් මාත්‍රා ගබඩා කිරීම ආරම්භ කොට ඇති නමුත් මධ්‍යම රජය සඳහන් කොට සිටින්නේ එවැන්නක් සිදු කිරීම අනවශ්‍ය බවයි.