
වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට විදුලි බලය අහිමිවී පවතින නිවාස 3100 කට පමණ හෙට එනම් ඉරිදා පස්වරුව වනවිට සැපයුම ලබාදෙන බවට බළධාරීන් පොරොන්දු වී තිබේ.
සති එකහාමාරකට පමණ පෙර පැවති අයහපත් කාළගුණය හමුවේ ගස් කඩා වැටීමෙන් මෙලෙස විදුලි සබඳතා ඇණ හිටියේය.
මින් වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ Dandenong ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකටයි.

කෙසේවෙතත් තවත් නිවාස 1450 කට පමණ සති 03 ක් යනතුරු විදුලි සැපයුම ලබාදිය නොහැකි බවද බළධාරීන් පැවසීය.
මෙලෙස සති 03 ක් පුරා විදුලිය නොමැති නිවෙස්වලට ඩොලර් 1680 බැගින් දීමනාවක්ද ගෙවීමටයි වික්ටෝරියා ප්‍රාන්ත බළධාරීන් සූදානමින් පසුවන්නේ.

මෙම සති අන්තයේද අයහපත් කාළගුණය පවතිනු ඇතැයි අනාවැකි පළවනවා.
Pic – AAP