
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 21 වනදා අලුයම 04 ට ඉවත් කෙරෙන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
අනතුරුව ලබන 23 වනදා රාත්‍රී 10 සිට 25 වනදා අලුයම 04 තෙක් සංචරණ සීමා ක්‍රියාත්මකයි.
පළාත් අතර සංචරණ සීමා එලෙසම ක්‍රියාත්මක වන අතර උත්සව – සාද ද පැවැත්වීමට හැකිවන්නේ නැහැ
