ඔස්ටේ‍රලියාව ඇතුලු රටවල් 08 ක කොවිඩ් තත්වය ගැන විශේෂ වාර්තාවක්

පළමු කොවිඩ් රැල්ලට සාර්ථකව මුහුණ දුන් ආසියානු පැසිෆික් රටවල් 08 ක වත්මන් තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාවක් නිකුත් කර තිබේ.

බී.බී.සී. පුවත් සේවය එම වාර්තාව නිකුත් කළේ, ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය, සිංගප්පූරුව, වියට්නාමය, ජපානය, හොංකොං, දකුණු කොරියාව හා තායිවානයට අදාළවයි.

එහි දැක්වුණේ, අදාළ රටවල් අනුගමනය කළ දැඩි සංචරණ සීමා හා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හඹායාම වැනි පියවර හමුවේ පළමු රැල්ල සාර්ථකව මැඩ පැවැත් වූ බවයි.

ඒ හේතුවෙන් එම සියලූ රටවල් 2020 වසරේ කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දුන් රටවල් ලැයිස්තුවේ මුල් ස්ථානවලට පත්වීමට සමත්වූ බවද සඳහන්.

කෙසේවෙතත් මේ වනවිට අදාළ රටවල් වත්මන් කොවිඩ් තත්ත්වයට සාර්ථකව මුහුණ දීමට අසමත් වී ඇති බවයි බී.බී.සී.ය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

ඊට හේතු ලෙස දක්වා ඇත්තේ, නව කොවිඩ් ප්‍රභේද ව්‍යාප්ත වීම, එන්නත් හිගය හා වසංගතයට මුහුණ දීමට නිසි සැලසුමක් එම රටවල් සතුව නොමැති වීමයි.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »