සංචරණ නීති කඩා ක්වීන්ස්ලන්ඩ් පැමිණි කොවිඩ් ආසාදිත වික්ටෝරියා යුවලට $ 4003 ක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සංචරණ නීති පැවති සමයේ එම නියමයන් උල්ලංඝනය කර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට පැමිණි යුවලකට ඩොලර් 4003 ක දඩයක් පණවා තිබේ.

48 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ වන 44 හැවිරිදි කාන්තාවකට මෙම දඩය නියම විය.

මොවුන් පසුගිය 05 වනදා Goondiwindi හරහා Sunshine Coast වෙත පැමිණ තිබුණි.

කාන්තාව පළමුවන් කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් අතර අනතුරුව පිරිමි පුද්ගලයාද කොවිඩ් ආසාධිත බව අනාවරණය විය.

මොවුන් ගමන් කල ස්ථාන රැසක් අවධානම් ස්ථාන ලෙස නම් කිරීමටයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත බළධාරීන්ට සිදුවූයේ.

මෙම දෙදෙනා මෙතෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අතර අනතුරුවයි මෙම දඩය නියම කර ඇත්තේ.

මොවුන්ට මාස 06 ක සිර දඩුවමක් පවා නියමවීමට ඉඩ පැවති නමුත් එවැනි දඩුවමක් ලැබී නැහැ.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »