
කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය පළමු වරට ශ්‍රී ලංකාවේ සමාජයෙන් වාර්තාවී තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ත වේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජිවන්දර මහතා සඳහන් කලේ ආසාදිතයින් 05 දෙනෙකු කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බවයි.
කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන ජානමය අනුක්‍රමණ පරීක්ෂණ වලදී මෙය හඳුනා ගත් බවයි ආචාර්ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ඉන්දියාවේ සීඝ්‍රයෙන් පැතිර යන මෙම ප්‍රභේදය ආසාධිතයෙකු මීට දින කිහිපයකට පෙර වාද්දුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකින්ද හමුවී තිබුණා.
දෙමටගොඩ, ආරාමය පෙදෙසේ වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගලයින් 09 දෙනෙකුගේ ජෛව සාම්පල් පරීක්ෂණ සිදුකළ බවත් ඉන් ආසාදිතයින් 05 දෙනෙකුට ඉන්දියාවේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන B.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනයවී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මිට අමතරව කොළඹ නගරසභා බලප්‍රදේශයේ කොළඹ 6,8 සහ 10 යන ප්‍රදේශවලින්ද, කරාපිටිය සහ මඩකලපුව ප්‍රදේශයේ සිදුකළ ජෛ සාම්පල් පරික්ෂණ මගින් ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් හඳුනා ගත් බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් පැවසුවේ.