
වික්ටෝරියා ප්‍රාන්තයට බලපෑ අයහපත් කාලගුණය හමුවේ නිවාස හානි සිදුවූ පුද්ගලයන්ට වන්දි ලබාදෙන නව ක්‍රමවේදය ප්‍රකාශයට පත් කර තිබේ.
මේ අනුව අද වනවිට විදුලිබලය අහිමිවී ඇති සෑම නිවසක් වෙනුවෙන් සතියකට ඩොලර් 1680 බැගින් සති 03 ක් පුරා මෙම සහන මුදල ලබාදීමට නියමිතයි.
ප්‍රාන්තයේ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 9000 කට දැනට සතියක පමණ සිට විදුලිය නොමැති අතර එම තත්වය ඉදිරි සති 03 තුළදීද පවතිනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

Dandenong Ranges ආශ්‍රිත Ferny Creek, Kalorama, Mount Dandenong, Olinda, Sassafras, Sherbrooke, The Basin, Tremont,Upwey ප්‍රදේශවලට ලබන ජූලි 10 වනදා තෙක් එය පවතිනු ඇති බවයි වික්ටෝරියා වැඩ බලන ප්‍රාන්ත අගමැති James Merlino නිවේදනය කලේ.
මෙම තත්වයක් සමග වික්ටෝරියා ප්‍රාන්තය තුළ බලශක්ති හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.

Pic – ABC