
දින කිහිපයකට පෙර ජල ගැලීම් පැවති මෙල්බර්න් නැගෙනහිර කලාපයේ ප්‍රදේශ කිහිපයක ජනතාවට නල ජලය භාවිත නොකරන ලෙසට දැනුම් දී තිබේ.
Kallista, Sherbrooke, The Patch ප්‍රදේශ සඳහා එය අදාල වේ.
මේ සඳහා වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේද අනුමැතිය ලැබී ඇතැයි Yarra Valley Water නිකුත් කල නිවේදනයක සඳහන්.

ජල ගැලීම් හමුවේ පිරිපහදු මධ්‍යස්ථානයක යන්ත්‍ර කිහිපයක් අක්‍රීය වී ජලය නිසි ලෙස පිරිසිදු නොවීම ඊට හේතුවයි.
මේ අනුව අදාළ ස්ථාන වෙත ගොස් පානීය ජලය බෙදා හැරීමට බළධාරීන් පියවර ගෙන තිබේ.

පාලනය කිරීමට අමතරව දත් මැදීම – ආහාර සැකසීම – අයිස් කැට සෑදීම වැනි කටයුතු සඳහාද නැවත දැනුම් දෙන තුරු පානීය ජලය යොදා නොගන්නා ලෙස දන්වා ඇත.
පහත ස්ථානවල දී පානීය ජලය බෙදා හැරේ.
The Patch Hall at 5 The Patch Road, The Patch
The Kallista Public Hall, 6 Tom Roberts Road, Kallista.
Pic – @MimiRoseBecker (Twitter)