Breaking: අනිද්දා සිට වික්ටෝරියා නිවසකට බාහිරින් දෙදෙනෙකු ගෙන්වාගැනීමට අවසර / 25 Km සීමාව ඉවතට

හෙට (17) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝමීටර් 25 සීමාව ඉවත් කරන බව වික්ටෝරියා වැඩ බලන ප්‍රාන්ත අගමැති ජේම්ස් මර්ලීනෝ නිවේදනය කලේය.

ඒ මෙල්බර්න් නුවර දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීයි.

එමෙන්ම නාගරික (Metropolitan) සහ Regional ලෙස වික්ටෝරියා ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වූ සීමා ඉවත් කර එක් ප්‍රාන්තයක් ලෙස යළිත් සැළකෙන බවත් ඔහු සඳහන් කලා.

හෙට මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තය තුළ බාහිර ක්‍රියාකාරකම්වලදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවේ.

එහෙත් ගෘහස්ථ කටයුතුවලදී එය තවදුරටත් පැළඳිය යුතු වනවා.

මහජන හමුවීම් සඳහා උපරිමය 20 දෙනෙකුට සහභාගී විය හැකිය.

නිවාස තුළ පැවැත්වෙන හමුවීම් සඳහා බාහිරින් පැමිණෙන දෙදෙනෙකුගේ උපරිමයට යටත්ව සංවිධාන කිරීම් කල හැකිය.

 Gyms, indoor entertainment venues, electronic gamingමධ්‍යස්ථාන විවෘත කිරීමටද අවසර හිමිවේ.

Cafes, restaurants and pubs සඳහා උපරිම 25 දෙනෙකුට එකවර සේවය සැපයීමට අවසර ලබාදෙනු ඇත.

අවමංගල්‍ය උත්සවයක් සඳහා උපරිමය 75 දෙනෙකුද / විවාහ මංගල්‍ය උත්සවයක් සඳහා අමුත්තන් උපරිම 20 දෙනෙකුද සහභාගී කරවා ගත හැකිය.

කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන – රූපලාවන්‍ය මධ්‍යස්ථාන මුහුණු ආවරණ නොමැතිව සිකුරාදා සිට පවත්වාගෙන යා හැකිය.

කාර්යාල සඳහා සේවකයන්ගෙන් සියයට 50 ක් කැඳවිය හැකි වුවද හැකිතාක් නිවසේ සිට සේවය කරන ලෙසටයි ප්‍රාන්ත වැඩ බලන අගමැතිවරයා ඉල්ලා සිටියේ.

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »