හෙට සිට වික්ටෝරියා සංචරණ සීමා තවත් ලිහිල් වෙයි ?? තවත් ආසාධිතයන් 05 කුත් හමුවෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

හෙට සිට වික්ටෝරියා සංචරණ සීමා තවත් ලිහිල් වෙයි ?? තවත් ආසාධිතයන් 05 කුත් හමුවෙයි

හෙට සිට වික්ටෝරියා සංචරණ සීමා තවත් ලිහිල් වෙයි ?? තවත් ආසාධිතයන් 05 කුත් හමුවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළදී තවත් කොවිඩ් ආසාධිතයන් 05 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ ප්‍රකාශයට පත්වූ අතර Southbank apartment complex කොවිඩ් පොකුරට සම්බන්ධ අය වෙති.

එමෙන්ම විදේශයන් හි සිට පැමිණ හෝටල් නිරෝධායනයේ යෙදී සිටි 03 දෙනෙකුද ආසාධිතයන් ලෙස ඊයේ අනාවරණ වී ඇත.

මේ අතර මෙල්බර්න් නගරයේ සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් අද දිනය තුළදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

දැනට බලාත්මක නියමයන් හෙට එනම් බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියෙනුයි අවසන්වීමට නියමිතව ඇත්තේ.

කිලෝමීටර් 25 සීමාව බොහෝදුරට ඉවත් කෙරෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.