
කොරෝනා වසංගතය පාලනය කිරීම උදෙසා මේ වන විටත් ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දමා තිබේ.
නමුත් අවසර ලත් හේතු මත පමණක් ඔස්ට්‍රේලියානුවන්ට සහ ස්ථිර පදිංචි ලාභීන්ට ජාත්‍යන්තර ගුවන් ගමන් වල නිරත විය හැකිය.
එලෙස ප්‍රකාශයට පත් කර ඇති travel exemptions හෙවත් සංචාරය සඳහා අවසර දෙන හේතු වෙනස් කරන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටින පෙත්සමක් ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ සභාගත කර තිබේ.

ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දැමීම නිසා එක්වීමට නොහැකිව බලාපොරොත්තු සුන් වූ පවුල් සඳහා තම දෙමව්පියන් සමඟ නැවත එක්වීමට මෙන්ම දරුවන්ට තම මුත්තණු මිත්තණියන් ද මේ හරහා හමුවිය හැකි බවට යෝජනා කර ඇත.
සති හතරක පමණ කාලයක් තුළදී මෙම පෙත්සමට පුද්ගලයින් 70,000 කට අධික සංඛ්‍යාවක් අත්සන් තබා තිබේ.

මේ සම්බන්ධව ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ උණුසුම් භාවයක් ද හටගත්තේය.
Pic – australia parliament