සිඩ්නි Radisson Blu හෝටලයෙන් තවත් ආසාධිතයෙක් – සියල්ලන් නිරෝධායනයට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ හෝටල් නිරෝධායනයේ යෙදී සිටි තවත් පුද්ගලයෙකුට කොවිඩ් ආසාධනය වී ඇති බවට සැක මතුවීමත් සමග හෝටලයේ සිටි සියල්ලන් නිරෝධායනයට යොමු කර තිබේ.

Radisson Blu හෝටලයේ සිටි දෙදෙනෙකුට කොවිඩ් වැළඳී ඇතැයි මීට පෙර හෙළි විය.

ඔවුන් සිටි හෝටල් කාමරයට යාබද කාමරයේ සිට අයෙකුටද වෛරසය වැළඳී ඇති බවට මේ වනවිට නිල නොවන වාර්තා ලැබී ඇත.

එම මහලේ සිටි සියලු සේවකයන් නිරෝධායනයට යොමු කර ඇති අතර මෙතෙක් සිදුකල පරීක්ෂණ අනුව සමාජ සම්ප්‍රේෂණයක් සිදුවී නොමැති බවටයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ජූනි 01 දා සිට 05 වනදා දක්වා Radisson Blu හෝටලයේ නිරෝධායනය වූවන් සියල්ල සම්බන්ධ කරගනිමින් ඔවුන් නැවතත් පරීක්ෂා කිරීම්වලට යොමු කරවීමටද පියවර ගෙන ඇත.

Pic – santorinidave.com

Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »