කොවිඩ් එන්නතට අකමැති අයට nasal spray ප්‍රතිකාරය බි්‍රස්බන් නගරයේදී අත්හදා බැලීම ඇරඹෙයි

කොවිඩ් වෛරසයට ප්‍රතිකාරයක් ලෙස නාසයට විදින දියර ප්‍රතිකාරය (nasal spray) බි්‍රස්බන් නගරයේදී අත්හදා බැලීම ආරම්භ කර තිබේ.

එන්නතට අකමැති අයට විකල්පයක් ලෙසයි මෙය හඳුන්වාදීමට නියමිතව ඇත්තේ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 60 දෙනෙකු යොදාගනිමින් මූලික පරීක්ෂණ සිදුකෙරෙන බවයි.

මෙම nasal spray දියරය සාමාන්‍ය එන්නතකට වඩා ක්‍රියාකාරී වනු ඇති බවටද විද්‍යාඥයන් අනාවැකි පළ කර තිබේ.

මේ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූවන්ට ඩොලර් 1280 ක ප්‍රදානයක්ද හිමිවේ.

චීනය ඇතුලු තවත් රටවල් කිහිපයකද දැනටමත් මෙම nasal spray ප්‍රතිකාර ක්‍රමය අත්හදා බලමින් පවතී.

සති අන්තයට සූදානම් වන මෙල්බන් ජනතාවට කාලගුණයෙන් දැනුම්දීමක්

මෙල්බන් ඇතුලු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකට පවතින දැඩි ශීත සහිත කාලගුණික තත්වය මෙම සති අන්තයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කරනවා.

Read More »

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »