අමතකවීම් නිසා ඔස්ටේ්‍රලියානුවන් ගණනාවකට සුපිරි ලොතරැයි දිනුම් අහිමිවී යන ළකුණු

සුපිරි ලොතරැයි දිනුම් හිමිවූ ඔස්ටේ්‍රලියානුවන් ගණනාවකට එම දිනුම් අහිමිවී යන ළකුණු පළවී තිබේ.

වික්ටෝරියා ප්‍රාන්ත නීතියට අනුව දිනුම හිමිවී මාස 06 ක් ඇතුළත ඔවුන් ඉදිරිපත් විය යුතු අතර මේ දක්වා විශාල පිරිසක් එලෙස ඉදිරිපත් වී නොමැති බව සඳහන්.

කෙසේවෙතත් ACT & NSW ප්‍රාන්තවලදී ඒ සඳහා වසර 06 ක් තිබේ.

පසුගිය ජනවාරි 21 වනදා කිසියම් පුද්ගලයෙකු ඩොලර් මිලියන 4.8 ක වටිනාකමින් යුත් ලොතරැයියක් ජයගෙන තිබුණා.

එනම් වසර 20 ක් යනතුරු මසකට ඩොලර් 20,000 බැගින් ඔහුට හෝ ඇයට හිමිවනු ඇති.

එහෙත් මේ දක්වා එම තැනැත්තා ජයග්‍රහණය සහතික කිරීම සඳහා ඉදිරිපත් වී නොමැති අතර ලබන ජූලි 21 වනදාට පෙර ඉදිරිපත් නොවුවහොත් එම සුපිරි ත්‍යාගය අහිමිවී යනවා.

වික්ටෝරියා ප්‍රාන්තයට අමතරව ACT & NSW ප්‍රාන්තවලද මෙවැනිම අවස්ථා ගණනාවක් සටහන්ව පවතී.

Unclaimed major lottery prizes across New South Wales & ACT
Game Draw no Win date* Selling outlet Outlet suburb State Division 1 prize
Set for Life 2072 8-Apr-21 Thistle Kiosk Woden ACT $4,800,000.00
Saturday Lotto 3905 22-Dec-18 Connection Newsagency Sydney NSW $1,018,499.24
Lucky Lotteries Mega Jackpot 1st Prize 1235 28-Feb-18 Top End Newsagent Katoomba Katoomba NSW $200,000.00
Lucky Lotteries Mega Jackpot 1st Prize 1278 15-Apr-19 Yagoona Newsagency Yagoona NSW $200,000.00
Lucky Lotteries Mega Jackpot 1st Prize 1411 2-Aug-19 Governor Macquarie Drive Newsagency Chipping Norton NSW $200,000.00
Saturday Lotto 4147 17-Apr-21 Winston Hills Newsagency Winston Hills NSW $1,145,653.60
Lucky Lotteries Mega Jackpot 1st Prize 1529 23-Apr-21 Spar Express Morpeth Morpeth NSW $200,000.00
Lucky Lotteries Super Jackpot 1st Prize 10467 7-Jun-21 Anna Bay Newsagency & Post Office Anna Bay NSW $100,000.00

බළධාරීන් පවසන්නේ මෙවැනි අති විශාල ජයමලු හිමි කර නොගැනීමට බොහෝවිට හේතු වන්නේ ලොතරැයිපත තැබූ ස්ථානය අමතකවීම හෝ තමාට දිනුමක් හිමිවී ඇතැයි නොදැනුවත්භාවයයි.

Pic – The Lott

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »