
මෙල්බර්න් Southbank apartment complex හි සිටි තවත් කොවිඩ් ආසාධිතයන් දෙදෙනෙකු හමුවී තිබේ.
පසුගිය සෙනසුරාදා දිනයේදීද එම ගොඩනැගිල්ලෙන් එක් ආසාධිතයෙකු සොයාගත් අතර ඔහු Arcare aged care හි සේවය කරන්නෙකු වනවා.
ඔහුගේ ආශ්‍රිතයන් සඳහා සිදුකල පරීක්ෂා කිරීම් අනුව අද පෙරවරුවේ නව ආසාධිතයන් දෙදෙනෙකු තහවුරු කරගත් බවයි වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය ඇමති Martin Foley සඳහන් කලේ.

මේ වනවිට ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයාගැනීම ආරම්භ කර තිබේ.
මේ අනුව Southbank apartment complex කොවිඩ් පොකුර මේ වනවිට 06 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ජූනි 02 වනදා සිට 14 වනදා දක්වා කිසියම් අයෙකු එහි සිටියේ නම් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවන ලෙසටයි වික්ටෝරියා සෞඛ්‍ය බළධාරීන් ඉල්ලා සිටින්නේ.
Pic – newsconcerns