
නිවාස / ආබාධ සහිත වූවන් සිටින ස්ථාන හෝ වයස්ගත පුද්ගලයන් සිටින ස්ථාන වෙත ගොස් එන්නත් ලබාදීමට වෛද්‍යවරුන්ට අනුමැතිය දීමට ඔස්ටේ්‍රලියා රජය තීරණය කර ඇත.
කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කිරීම එහි අරමුණයි.
දැනට ඔස්ටේ්‍රලියාව තුළ ලක්ෂ 59 ක පමණ පිරිසකට එන්නත් දී ඇතත් ඇතැම් අවධානම් සහිත පිරිස් වෙත තවමත් එන්නතේ පළමු මාත්‍රාව හෝ දී නොමැති බවයි වාර්තා වන්නේ.

නව තීරණය ප්‍රකාශයට පත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසුවේ මේ අනුව සැළකිය යුතු පිරිසකට එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත නොගොස් නිවසේදීම එන්නත ලබාගැනීමට අවස්ථාව හිමිවන බවයි.
කෙසේවෙතත් මේ සඳහා කිසියම් ගාස්තුවක් අය කෙරෙනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ගතවූ පැය 24 දී වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා නොවීය.