Search

වික්ටෝරියා skilled visa : මෙවරත් වැඩිම කෝටාව සෞඛ්‍ය ක්ෂේත්‍රයට

වික්ටෝරියා ප්‍රාන්තයේ පුහුණු නිපුණතා වීසා (skilled visa ) වැඩසටහනට අදාළව මෙවරත් වැඩිම වීසා බලපත් කෝටාවක් නිකුත් කර ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළවයි.

කොරෝනා මර්දනයට ඉහළ දායකත්වයක් සපයන වෘත්තීන්/ රැකියා සඳහා එම ප්‍රමුඛතාව හිමිවී තිබේ.

ඒ අනුව පහත රැකියා ක්ෂේත්‍ර වෙත ඉහළ ප්‍රමුඛතාවක් ලැබී ඇතැයි වික්ටෝරියා ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.

  • Health
  • Medical research
  • Life sciences
  • Agri-food
  • Digital

2020/21 මුල්‍ය වර්ෂය සඳහා 190 කාණ්ඩයේ වීසා සහ 491 කාණ්ඩයේ වීසා සඳහා මෙතෙක් ලැබුණු ROI ප්‍රමාණය සහ ඉන් වික්ටෝරියානු visa nomination හිමිවූ ප්‍රමාණයන් මෙසේයි

190 වීසා සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයට 2,500 ක කෝටාවක් වෙන්කොට තිබේ.

මැයි 31 වන දිනට මේ සඳහා ROI 7,157 ක් ලැබී ඇති නමුත් ඉන් visa nomination හිමිවූ ප්‍රමාණය 1,806 කි.

491 වීසා සඳහා මැයි 31 වන දිනට වික්ටෝරියානු ප්‍රාන්තයට 1,043 ක කෝටාවක් වෙන්කොට තිබේ.

මේ සඳහා ROI 1,403 ක් ලැබී ඇත. හිමිවූ visa nomination ප්‍රමාණය 303 කි.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »