ඔස්ටේ්‍රලියාවේ ලාංකිකයන්ගේ රස වින්දනයට ගුණාත්මක චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙන නවමු වැඩක්

ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් ඇතුලු නගරවල වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ රස වින්දනය උදෙසා ඉහළ ගුණාත්මක සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කරමින් නවමු ආරක වැඩපිළිවෙලක් ආරම්භකරපු සාඩම්බර ලාංකිකයෙකු අද අපිත් සමග කථාබහට එක්වුණා.

ඔහු මෙගා ලයිව් ඉවෙන්ට්ස් හි මාලක යාපා…

කොහොමද මේ වගේ වැඩක් පටන් ගත්තේ ?

“ඇත්තටම කියනවා නම් අපි මුලින්ම සංවිධාන කලේ ප්‍රසංග. 2013/2014 කාලසීමාවේදී. කොවිඩ් පැතිරෙන්න කලින් සතියකට ප්‍රසංග වාර 04 ක් වගේ තිබුණා. ඒ කියන්නේ වසරකට ප්‍රසංග 64 ක් වගේ. මේවාට ලංකාවේ ගායක ගායිකාවන් පවා සහභාගී වුණා. හැබැයි පවතින තත්වයත් එක්ක දැන් කලා කටයුතු ටිකක් අමාරුයි. කලා ශිල්පීන් ගෙන්වන්න බැහැ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. හැබැයි මුලින් සිනමා ශාලා ඇරුණා. අපි කල්පනා කලා වෙනස් වැඩක් කරන්න. ඒ තමයි නියමිත ධාරිතාවය යටතේ උසස් ලාංකික චිත්‍රපටි මෙහේ ඉන්න අයට පෙන්වන්න. මේ වෙද්දි ඉතාම සාර්ථකත්වයක් අත්කරගෙන තියෙනවා”

ලංකාවේ චිත්‍රපටවලට ජාත්‍යන්තර වෙළඳපොලක් හදන්න මේ වැඩපිළිවෙලින් වන කාර්ය භාරය පැහැදිලි කලොත් ?

“මේ වගේ දෙයක් මීට කලින් ඉඳලාත් සුලුවෙන් තිබුණා. හැබැයි විධිමත්ව ආරම්භ කලේ අපි. ප්‍රධාන නගර 06 ක අපේ නියෝජිතයන් ඉන්නවා. සූම් තාක්ෂණය ඔස්සේ අපි සම්බන්ධ වෙලා චිත්‍රපටිය නරඹලා ඊලග දවසෙම තීරණය කරනවා මොන මොන ස්ථානවල දර්ශන වාර කීයක් කරනවාද කියලා. මීට කලින් මුලින් කලේ මෙල්බර්න් – සිඩ්නි වගේ ප්‍රධාන නගරවල පෙන්නලා ප්‍රතිචාරය බලලා වෙන නගරවලට ගෙනයන දීර්ඝ ක්‍රියාදාමයක්. ඊට වඩා සරල ක්‍රමවේදයක් දැන් අපි භාවිත කරන්වා. වාණිජමය වශයෙන් ඉතාම ප්‍රථිඵලදායකයි කියලා කියන්න පුලුවන්”

මේ දක්වා මොන වගේ විත්‍රපටිද ප්‍රදර්ශනය කරලා තියෙන්නේ ? ඒවාට මොන වගේ ඉල්ලුමක්ද තිබුණේ ?

“මම මුලින්ම ස්තූති වන්ත වෙන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය මහතාට. ඔහු තමයි කොවිඩ්වලින් පස්සේ අපිට ගින්දරී – 3  මුලින්ම අනුමැතිය දුන්නේ. ලංකාව තුළ චිත්‍රපටයක් නිල වශයෙන් ප්‍රදර්ශනයට කලින් පිටරටක පෙන්වන්න තරම් විශ්වාසය තිබුණු එක ලොකු දෙයක් වුනා. මොකද නිසි ක්‍රමවේදයකින් බැහැරව මේක කලා නම් ඔහුට ලංකාවේ ආදායම ලබා ගැනීම පවා අවධානම් තත්වයක තිබුණේ.

ඊලගට බෙනට් රත්නායක මහත්මයා. දැන් මාස 06 ක් තිස්සේ ඔහුගේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා. දැන් 39 වෙනි දර්ශන වාරය යන්නේ. 40 වන වාරය අපි ජූලි වල සැලසුම් කරලා තියෙනවා. ඒක වාර්තාවක්. මීට කලින් වැඩිම වාර ගණනක් පෙන්නලා තිබුණේ ගෞතම බුද්ධ චිත්‍රපටිය. ඒ වාර 25 ක්. ඉතිං ඔස්ටේ්‍රලියාවේ විතරක් නොවේ නවසීලන්තයෙත් මේ දර්ශන වාර තියෙන නිසා නිෂ්පාදකයන්ට සෑහෙන ආදායමක් ලබා ගන්න පුලුවන්. මොකද ලංකාවෙත් තවම චිත්‍රපට ශාලා විවෘත කරලා නැහැ. ඉස්සර පෙන්නුවේ විශ්ව විද්‍යාල – රංග ශාලා වගේ ස්ථානවල. දැන් අපි ප්‍රධාන සිනමා ශාලාවල පවා ව්‍යාප්ත කරලා තියෙනවා. අපිට ලැබෙන ඇගයීම ප්‍රතිචාරය මුදලින් මනින්න බැහැ”

ඔස්ටේ්‍රලියාවට අමතරව වෙනත් රටවල් වල ඔබේ මේ කටයුත්ත සිද්ධ වෙනවාද ?

“දැනට නවසීලන්තයේ නගර 06 ක ලාංකික චිත්‍රපට ප්‍රදර්ශනය කරලි තියෙනවා. අපි දැන් ඒක 08 දක්වා වැඩි කරනවා. ඊලගට එක්සත් රාජධානිය සහ අමෙරිකාව තමයි අපේ ඉලක්කය වෙලා තියෙන්නේ”

මෑතකදීම ප්‍රදර්ශනය කරපු චිත්‍රපටිය ?

“තට්ටු දෙකේ ඉස්කෝලේ කියන ඉතාම සුන්දර චිත්‍රපටිය. ලබන අවුරුද්දේ අගෝස්තු මාසේ තමයි ඒක ශ්‍රී ලංකාවේදී ප්‍රදර්ශනය ආරම්භ කරන්නේ. හැබැයි අපිට හැකියාව ලැබුණා ඊට පෙර ඔස්ටේ්‍රලියාවේ ඉන්න ලාංකිකයන්ට ඒ අවස්ථාව උදා කරලා දෙන්න. ගැමි පරිසරය හා බැඳුණු ළමා කාලය තමයි මේකේ නිරූපනය කරන්නේ. නගර 24 ක එකවර ප්‍රදර්ශනය ආරම්භ කිරීමත් වාර්තාවක් වේවි. ඔස්ටේ්‍රලියාවේ නගර 16 ක හා නවසීලන්තයේ නගර 08 ක දැනට මේ ප්‍රදර්ශන කටයුත්ත සිද්ධ වෙනවා”

මෙල්බර්න් ඉන්න ලාංකිකයන්ට දෙන්න පුලුවන් පණිවිඩය කුමක්ද ?

“මේ චිත්‍රපට බලලා අපේ සබැඳියාවන් බැඳීම් තවත් වැඩි වෙනවා අපිට අත්දැකීමෙන්ම කියන්න පුලුවන්. චිත්‍රපටියක් බලලා ඉවරවෙලා වාහනේ යන ගමන් ගෙදර අය එක්ක ඉතාම සතුටින් ඒ ගැන කථා කර කර යන්න අනිවාර්යෙන්ම හැකියාව තියෙනවා. ලංකාවේ සුන්දර මතකයන් මෙහෙ ඉඳන්ම විඳින්න පුලුවන්”

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »