ලබන 28 වන සඳුදා සිට නැවතත් තමන් රාජකාරියට වාර්තා කරන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසයි.
ඇද වැටීමක් නිසා රෝහල්ගතවීමත් අනතුරුව විවේක සුවයෙන් ගත කිරීමට සිදුවීමත් නිසා මාස 03 කට ආසන්න කාලයක් ඔහු රාජකාරිවල නිරත නොවීය.
මෙම කාල සීමාව තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩ බලන අගමැති ලෙස කටයුතු කලේ ජේම්ස් මර්ලීනෝ වන අතර කොවිඩ් නිරෝධායන සීමා පැණවීම් ඇතුලු සියලු තීන්දු තීරණ ගැනීමේදී ප්‍රමුඛතාවය දක්වන ලදී.
ඩැනියල් ඇන්ඩෲස් හදිසි අනතුරකට ලක්වූයේ මාර්තු 09 වනදායි.
ඔහු විසින් ඊයේ නිකුත් කල නිවේදනය පහතින්.