Biloela පවුලේ බාලම දැරිය උපන්දිනය සමරයි – තමන්ට LTTE සබඳතා ඇතැයි පියා පිළිගනී

මේ වනවිට ඔස්ටේ්‍රලියාව තුළ ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ලාංකික සම්භවයක් සහිත ද්‍රවිඩ ජාතික පවුලේ බාලම දැරිය වන Tharnicaa අද පර්ත් නුවර රෝහලකදී සිය 04 වන උපන්දිනය සමරා තිබේ.

ඇයගේ පළමු උපන්දිනයේ සිට මේ දක්වා සෑම උපන්දිනයක්ම සමරා තිබුණේ ක්‍රිස්මස් දූපතේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයකදීයි.

මේ වනවිට Tharnicaa ගේ තත්වය අසාධ්‍ය නොවන බවයි පර්ත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.

ඇය වෙනුවෙන් කලා ශිල්පීන් පිරිසක් එක්ව වීඩියෝ සුභ පැතුම් පණිවුඩයක් පවා නිර්මාණය කර තිබුණා.

මේ අතර Tharnicaa ගේ පියා වන Nades තමන් එල් ටී ටී ඊ සංවිධානයට සෘජුව සම්බන්ධවූවෙකු ලෙස පිළිගෙන තිබේ.

ශ්‍රී ලංකාවට යාමට නොහැකි හේතුව එය ලෙසටයි ඔහු සඳහන් කර ඇත්තේ.

 

Pic – Supplied

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »

ආසියාවෙන් පැමිණි මිලියන ගණනක තහනම් ද්‍රව්‍ය ඇල්ලූ දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මුහුදු භාණ්ඩ බහාලුම් හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 12.4ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ජීවත් වීමට සුදුසු පෘථිවියට සමාන ග්‍රහලෝකයක් හමුවෙයි?

පෘථිවිය සහ සිකුරු යන ග්‍රහ ලෝකවලට සමාන ප්‍රමාණයේ ආකර්ෂණීය ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයින්ගේ ජාත්‍යන්තර කණ්ඩායම් දෙකක් සමත්වී තිබෙනවා.

Read More »