
විදේශගත ඕස්ට්‍රේලියානුවන් මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියේදී හෝටල් නිරෝධායනය සඳහා දැනට නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය දරන පුද්ගල ධාරිතාව දැරීමට අපහසු ඉලක්කයක් බවට ප්‍රාන්ත අගමැතිනි ග්ලැඩිස් බෙරෙජික්ලියන් ඉඟි කොට සිටී.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත හෝටල් නිරෝධායනයේ දැනට ඕස්ට්‍රේලියානුවන් 5,000 ක් සිටිති.
ප්‍රාන්ත අගමැතිනීය පවසා සිටින්නේ සෑම සතියකම හෝටල් නිරෝධායනය සඳහා ඕස්ට්‍රේලියානු පුරවැසියන් 3000 ක පමණ පුද්ගල ධාරිතාවක් ලබාගැනීම සඳහා පමණක් ප්‍රාන්තයට හැකියාව පවතින බවයි.

වර්තමාන නිරෝධායන ක්‍රමය සමඟ ප්‍රාන්ත රජය කටයුතු කරමින් සිටියද අනාගතයේදී මෙය වෙනස් විය හැකි බව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත අගමැතිනී ග්ලැඩිස් බෙරෙජික්ලියන් පවසා සිටී.
මේ අතර COVID-19 එන්නත් කිරීමේ දෙවන සුවිසල් මධ්‍යස්ථානය නිව් සවුත් වේල්ස් හි ප්‍රාන්තයේ Lake Macquarie, හි at Belmont ප්‍රදේශයේ ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් බව NSW ප්‍රාන්ත සෞඛ්‍ය අංශය සඳහන් කරයි.

එහිදී එය සිය ගණනක් වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය යොදවා ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනෙකා යන එන්නත් දෙවර්ගයම ලබාදීමට කටයුතු සැලසුම් කොට ඇත.
නිව් සවුත් වේල්ස් හි දැනටමත් පිහිටුවා ඇති සුවිසල් කොරෝනා එන්නත්කරන මධ්‍යස්ථානය වන බටහිර සිඩ්නි හි හෝම්බුෂ් ප්‍රදේශයේ ඇති එන්නත් කිරීමේ මධ්‍යස්ථානයෙන් දිනකට එන්නත් 5,000 ක් පමණ පමාණයක් ලබාදේ.