
දැනට පර්ත් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත Tharnicaa Murugappan දැරිය සම්බන්ධ සිදුවීමේදී කිසිදු අයුරකින් නීතිය අවභාවිත කිරීමක් සිදු නොවූ බව ඔස්ටේ්‍රලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.
අදාළ දැරියට නිසි වෛද්‍ය පහසුකම් නොලැබෙන බවටත් ඇයට දක්වන සැලකිල්ල අඩු බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ නගා තිබූ චෝදනාවලට පිළිතුරු දෙමින් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මේ බව පැවසීය.
ක්‍රිස්මස් දූපතේ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවනු ලැබ සිටි මෙම දැරිය පර්ත් නගරයේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරනු ලැබුවේ ආසන්නතම අවස්ථාවේදී බවද ඔවුන් ප්‍රකාශ කලා.

කෙසේවෙතත් දැරියගේ මවගේ ඉල්ලීම වන්නේ ඔවුන් කලින් පදිංචි වී සිටි ප්‍රදේශයට යාමට අවසර දෙන ලෙසටයි.
Tharnicaa මෙන්ම ඇයගේ 06 හැවිරිදි සොයුරිය වන Kopika ද උපත ලබා තිබුණේ ඔස්ටේ්‍රලියාවේදීයි.

මොවුන්ගේ දෙමව්පියන් මීට වසර ගණනාවකට පෙර ඔස්ටේ්‍රලියාවට පැමිණ තිබුණේ බෝට්ටුවක් මගිනුයි.