
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 02 දෙනෙකු වාර්තා වී තිබේ.
ඒ අනුව සමස්ත කොවිඩ් පොකුර 83 දක්වා ඉහළ යයි.
මේ අතර වික්ටෝරියා Lockdown තත්වය ඉක්මණින් ඉවත් කරන්නැයි අගමැති ස්කොට් මොරිසන් ප්‍රාන්ත රජයට දැනුම් දී තිබේ.

නවතම කොවිඩ් පොකුරේ ව්‍යාප්තිය මේ වනවිට සැළකිය යුතු මට්ටමකින් පාලනය කර තිබීම ඊට හේතුව ලෙසටයි ඔහු දක්වා ඇත්තේ.
මේ අනුව ලබන 10 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට නියමිත Lockdown තත්වය මුලුමනින්ම ඉවත් කිරීම හෝ යම්තාක් දුරකට ලිහිල් කිරීමක් සිදුවනු ඇතැයි අපේක්ෂිතයි.
