
විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස් සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යාවත්කාලීන කර තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කල එම මාර්ගෝපදේශ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයන් / ද්විත්ව පුරවැසියන් රටට පැමිණෙන්නේ නම් ඔවුන් පසුගිය දින 14 තුළදී ඉන්දියාව – වියට්නාමය – දකුණු අප්‍රිකානු රටවල් හෝ දකුණු අමෙරිකානු රටවල සිට ඇත්නම් නිවාස නිරෝධායනය අදාළ වන්නේ නැහැ.
ඔවුන් දින 14 ක අනිවාර්ය නිරෝධායනයට යොමුවිය යුතුයි.

ඔවුන් දිවයිනට පැමිණීමට පැය 96 කට පෙර ලබාගත් සෘණාත්මක පී සී ආර් වාර්තාවක් ඉදිරිපත් කල යුතු වනවා.
එහෙත් ගුවන් සමාගම්වල රෙගුලාසි අනුව එය පැය 72 කට පෙර ලෙස සංශෝධනය විය හැකි බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නව චක්‍රලේඛයේ අන්තර්ගතයි.
