
05 වරක් ශ්‍රී ලංකාවේ අගමැති ධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මෙම සතියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවට ශ්‍රී ලංකාවේ දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
2020-08-05 දින පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණයි.
ඒ සඳහා කවරෙකු පත් කරන්නේ දැයි පක්ෂය අභ්‍යන්තරයේ දීර්ඝ සාකච්ඡාවක් පැවතියා.

ඒ අනුව පසුගිය සතියේදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කලේ මෙම පුරප්පාඩුව වෙනුවෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පත්කල යුතු බවටයි.
මෙම මාසය සඳහා හෙට (08) දිනයෙන් පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ වන අතර මෙම සතියේදී හෝ නැවතත් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන ලබන 22 වනදායින් ආරම්භ වන සතියේදී රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ දිව්රුම් දෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂය මෙම පුරප්පාඩුව සපුරන්නේ මාස 10 කට පසුව වීමද විශේෂත්වයක්.