වික්ටෝරියා ප්‍රාන්තය සඳහා අමතර ෆයිසර් එන්නත් 100,000 ක්

PFIZER

වික්ටෝරියා ප්‍රාන්තය සඳහා අමතර කොවිඩ් එන්නත් 100,000 ක් සැපයීමට ඔස්ටේ්‍රලියා ෆෙඩරල් රජය තීරණය කර තිබේ.

ලබන 14 වනදා සිට එළඹෙන සති 03 ක කාලය තුළ එම එන්නත් සපයන බවයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් සඳහන් කලේ.

එමගින් වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් පුද්ගලයන් 50,000 කට ෆයිසර් එන්නත ලබාදිය හැකි බව ඔහු කියාසිටියා.

අද වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ ලක්ෂ 10 කට ආසන්න මාත්‍රා ප්‍රමාණයක් ලැබී ඇති අතර ඉන් 613,000 ක් පමණක් භාවිත කර තිබේ.

සමස්ත ඔස්ටේ්‍රලියාවට ලැබී ඇති එන්නත් ප්‍රමානය ලක්ෂ 50 කට ආසන්නය.

 

Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »