Search

ඉහළ යන ඉන්ධන මිලට electric vehicles විස‍‍ඳුමක් වෙයිද ?  

   

ගෝලීය අස්ථාවරත්වය ඉන්ධන ආරක්ෂාවට තර්ජනයක් වන බවට වාර්තා පළ වනවා.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ electric vehicles ඒ සඳහා විසඳුමක් විය වියහැකි බවයි.

මැද පෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ලීටරයක් ඩොලර් 2.20 ක් දක්වා ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවුණා.

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ තර්ජනය ද ඊට ප්‍රබලව බලපෑ සාධකයක් වනවා.

ලෝක ඉන්ධන සැපයුමෙන්  20% ක පමණ ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන අතර ඕස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ බලශක්ති සැපයුමට එය දැඩි බලපෑමක් ඇති කිරීමට සමත් ස්ථානයක් වනවා.

2024 වසරේදී ඕස්ට්‍රේලියාව ඩොලර් බිලියන 38 ක් වටිනා පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කළ අතර, ඒවා රියදුරන්ට ඉහළ මිලකට අලෙවි කරනු ලැබුවා.

එම වසරේ කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ රියදුරන් වසරකට ඩොලර් 3,200 ක් ඉන්ධන සඳහා වියදම් කරන බවයි.

electric vehicles මේ සඳහා විකල්පයක් බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ තෙල් ආනයන පහළ දැමීමට සහ මිල ඉහළ යාමට ඇති බලපෑම් අඩු කිරීමට electric vehicles හේතු වනු ඇති බවට ද ඔවුන් මත පළ කරනවා.

ඊශ්‍රායෙල් අගමැතිගේ ඉල්ලීම ඇල්බනීස් ප්‍රතික්ෂේප කරයි

යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජබින් නෙතන්යාහු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා. තවද ජාතික යුදෙව්

Read More »

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ගෝලීය අර්බුද හමුවේ ඔස්ට්‍රේලියා ව්‍යාපාරවලට සිදුවුදේ !

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »