
සීත කාලෙය්දී සුනඛයින් සඳහා භාවිත කරන ඇඳුම් පිළිබඳ අවධානයෙන් පසුවන්නැයි අනතුරු අඟවා තිබෙනවා.
දකුණු ඔස්ට්‍රේලියාවේ සත්ත්ව වෛද්‍යවරියක් වන තෙරෙසා ප්‍රිඩල් [Teresa Priddle] පවසන්නේ, සීත කාලයේදී නොගැලපෙන ජැකට් සහ ජම්පර් ඇන්දවීමෙන් සුනඛයින්ට බරපතළ සමේ තුවාල සිදුවී ඇති බවයි.
බොහෝ සුනඛයින්ගේ පිටුපස කකුල් අතර, ඉදිරිපස කකුල් යට සහ පපු ප්‍රදේශවල දරුණු තුවාල ඇතිවීමේ අවදානමක් පවතින බවයි ඇය පෙන්වා දෙන්නේ.

සුනඛයින්ට අන්දවන ඇඳුම්වල ගැලපීම දිනපතා පරීක්ෂා කිරීම සහ ජැකට් දිනපතා ඉවත් කිරීම අත්‍යවශ්‍ය බව ද වෛද්‍යවරිය පෙන්වා දෙනවා.
සත්ත්ව සන්නිවේදන හා නීති පිළිබඳ විශේෂඥයෙකු වන වෛද්‍ය සුසන් හැසල් [Susan Hazel] පවසන්නේ අලෙවි කිරීම සඳහා ඇති බොහෝ සුනඛයින්ගේ ඇඳුම් සත්ත්ව ආරක්ෂාව නොසලකා හැර නිපදවා ඇති බවයි.

සුනඛයින්ගේ ඇඳුම් විලාසිතා උපාංගයක් නොවී වියළිව තබා ගැනීමට හෝ උණුසුම්ව තබා ගැනීමට භාවිතා කරන දෙයක් විය යුතු බව ද ඇය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.