
මෙම මස අගදී නිව් සවුත් වේල්ස් හි මගීන්ට ගාස්තු රහිතව දින 2 ක කාලයක් ගමන් කිරීමට අවස්ථාවක් ප්‍රාන්ත රජය විසින් ලබා දී තිබෙනවා.
ජූලි 31 වන බ්‍රහස්පතින්දා සිට අගෝස්තු 1 වන සිකුරාදා දක්වා කාලය තුළ මිලියනයකට අධික මගීන්ට ප්‍රාන්තයේ දුම්රිය සහ මෙට්‍රෝ සේවාවන් නොමිලේ බලාගත හැකි වනවා.
දුම්රිය ජාල වල මාස ගණනාවක් පුරා ඇති වූ බාධා හේතුවෙන් අපහසුතාවයන්ට මුහුණ දුන් මගීන්ට ත්‍යාගයක් ලෙස මෙම ගාස්තු රහිත කාලය ලබාදෙන බවයි වාර්තා වන්නේ.

දුම්රිය සේවකයින් 92%ක් පමණ රජයේ නව වැටුප් යෝජනාව පිළිගෙන විරෝධතාව අවසන් කළ නිසා එය සේවකයින්ට මෙන්ම මගීන් හටද විශාල ජයග්‍රහණයක් බව Sydney Trains හි ප්‍රධාන විධායක නිලධාරී Matt Longland කියා සිටියා.
තවද පැය 48ක නොමිලේ ගමන් ගාස්තු නිසා රජයට ඩොලර් මිලියන 7ක ඒකාබද්ධ පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැයිද පුරෝකතනය කර තිබෙනවා.
