
ටෙක්සාස්හි ඇති වූ හදිසි ගංවතුරෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.
ගංවතුරෙන් විශාල පුද්ගලයන් සංඛ්‍යාවක් පීඩාවට පත් වී ඇති අතර පුද්ගලයින් 850කට වැඩි පිරිසක් මේ වන විට බේරාගෙන තිබෙනවා.
Heart O’ the Hills ගිම්හාන කඳවුරේ සිටි ගැහැනු ළමුන් 27 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ.

හදිසි ගංවතුර පිළිබඳව අනතුරු ඇඟවීම් ටෙක්සාස් වැසියන්ට ප්‍රමාද වී ලැබී ඇති බව ටෙක්සාස් හී ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම් කියා සිටියා.
තවද ගලවා ගැනීමේ මෙහෙයුම් කටයුතු පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් මධ්‍යට වාර්තා කර තිබෙනවා.

බලධාරීන් පවසා ඇත්තේ, ප්‍රදේශයේ අනෙකුත් ප්‍රාන්තද ගංවතුරෙන් හානියට පත්ව ඇති බැවින්, තුවාල ලැබූ සංඛ්‍යාව සහ අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් වැඩි විය හැකි බවයි.