
ක්වීන්ස්ලන් හී Darling Downs සත්වෝද්‍යානයේ සේවිකාවක් සිංහයෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් තුවාල ලබා තිබෙනවා.
සේවිකාව උදෑසන සිංහයන් රැදි කොටුව පිරිසිදු කිරීමට ඇයගේ අත කොටුව තුලට දමා ඇති අතර එම අවස්ථාවේ සිංහයා විසින් ඇයගේ එක් අතකට දැඩි ලෙස හානි සිදුකර ඇති බවයි සත්වෝද්‍යානය නිවේදනයකින් සදහන් කළේ.
පසුව ඇයව ගුවන් මාර්ගයෙන් Princess Alexandra රෝහල වෙත රැගෙන යනු ලැබුවා.

රෝහලට රැගෙන එන විට ඇයගේ අත මුළුමනින්ම ගැලවීමට ආසන්නව තිබූ බවයි රෝහල් ආරන්චිමාර්ග සදහන් කර සිටියේ.
මෙම සිදුවීමෙන් පසු Darling Downs සත්වෝද්‍යානය සම්පුර්ණයෙන් වසා ඇති අතර සිද්ධිය සම්බන්දයෙන් Workplace Health Safety Queensland ආයතනයද දනුවත් කල බවයි සත්වෝද්‍යාන කළමණාකරුවන් කියා සිටියේ.

තවද Workplace Health Safety Queensland හී පරීක්ෂකවරුන් සත්වෝද්‍යානයේ පරීක්ෂණ කටයුතු පවත්වමින් සිටිනවා.