
මෙල්බන් නගරයට ආසන්න මාර්ගයක පුද්ගලයෙකු මෝටර් රථය ධාවනය කරන අතරතුර සුනඛයින් දෙදෙනෙකු ඇවිද්දවීම නිසා ඔහුට ඩොලර් 592 ක දඩයක් නියමකර තිබෙනවා.
ඔහුට පිටුපසින් පැමිණි පුද්ගලයෙකු මෙම සිදුවීම පටිගත කර ඇති අතර එය සමාජ මාධ්‍යයේ දැඩි විවේචනයටද ලක්වුනා.
එම රියදුරාට ගමන් කිරීමේ හැකියාවක් නොමැතිදයි යන්න තවමත් නිශ්චිතවම සොයාගෙන නොමැති අතර රියදුරුගේ මෙම හැසිරීම බොහෝ පශු වෛද්‍යවරුන්ද හෙළා දැක තිබෙනවා.

SASH හී පශු වෛද්‍ය ආරොන් කෝයි කියා සිටියේ මෙවැනි ආකරයෙන් බල්ලන් ඇවිදදවීම සිදු නොකළ යුතු බවයි.
මෙලෙස අනාරක්ෂිත ලෙස සුනඛයින් ඇවිද්ද වීම නීතියෙන්ද තහන්ම් වන අතර පයින් ඇවිදීම සුනඛයාට සහ අයිතිකරු යන දෙදෙනාටම ආරක්ෂිත බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
