Search

සිනගෝගයට එල්ල කල ප්‍රහාරය ගැන ඊශ්‍රායෙල් ජනපතිගෙන් ප්‍රකාශයක්

මෙල්බන් හී සිනගෝගයට එල්ල කල ප්‍රහාරය සහ ඊශ්‍රායෙල් අවන්හලකට එල්ල කල ප්‍රහාරය බෙන්ජමින් නෙතන්යාහු හෙළා දකින් බවට ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මෙම සිදුවීම නීච යුදෙව් විරෝධී හා වෛරය පදනම් කරගත් අපරාධ‍යක් ලෙස හඳුන්වන බවද ඔහු කියා සිටියා.

ප්‍රහාරය එල්ල කල පුද්ගලයා මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අතර ජීවිත හානි සිදුකිරීමට උත්සහ කිරීම,දේපළ හානිය ,ත්‍රස්තවාදී ක්‍රියාවන් සිදුකිරීම යන චෝදනා සම්බන්දයෙන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තවද ඊශ්‍රායෙල් විදේශ අමාත්‍ය ගිඩියොන් සාර් කියා සිටියේ ඔස්ට්‍රේලියාවේ යුදෙව් විරෝධී ප්‍රහාර නිරන්තරයෙන් සිදුවන අතර මේ සදහා රජයේ මැදිහත් වීම ඉල්ලා සිටින බවයි.

ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ඈන් ඇලි මෙම ප්‍රහාරය හෙළා දකිමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළ අතර එය පිළිකුල් සහගත සහ බියගුලු ක්‍රියාවක් බව සදහන් කර සිටියා.

වික්ටෝරියානු පොලිසිය ප්‍රදේශයේ යුදෙව් ප්‍රජාව සමඟ සම්බන්ධ වී CCTV දර්ශන සහ අධිකරණ වෛද්‍ය සාක්ෂි සමාලෝචනය කරමින් සිටින අතර රසායනාගාර විශේෂඥයෙකු විසින් සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කරමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »