Search

ඔස්ට්‍රේලියාව ස්වාධීන විය යුතු බවට ඇල්බනීස්ගෙන් දැඩි ප්‍රකාශයක්

ඔස්ට්‍රේලියාව ඇමරිකාවෙන් වෙන්වී ස්වාධීනවීමේ උත්සහයක් ගන්නා බවට අගමැති ඇන්තනී ඇල්බනීස් සිදුකළ දේශනයකදී පැහැදිලි වන බව මාධ්‍ය වාර්තා පවසනවා.

ඊයේ සිඩ්නි නුවරදී පැවති ප්‍රධාන දේශනයකදී ඇල්බනීස් ඔස්ට්‍රේලියාව එක්සත් ජනපදය කෙරෙහි දක්වන විශ්වාසය දුරස් කිරීමට සියුම් උත්සහයක් ගත් බවක් දක්නට ලැබෙන බවයි මාධ්‍ය පෙන්වාදෙන්නේ.

අගමැතිවරයා දේශනයේදී වසර 80 කට පෙර ධුරයේ සිටි යුද කාලීන කම්කරු අගමැති ජෝන් කර්ටින් භාවිතා කළ උපාය මාර්ග පිළිබඳ අදහස් දක්වා තිබෙනවා.

ඇල්බනීස් එහිදී පැවසුවේ ඔස්ට්‍රේලියානුවන් ස්වෛරී ජාතියක් ලෙස කටයුතු කළ බව කර්ටින් සහතික කළ බවයි.

එමෙන්ම ගෝලීය වශයෙන් ඔස්ට්‍රේලියාවේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම සහ රටේ ස්වාධීනත්වය පවත්වා ගැනීම සම්බන්ධයෙන් හිටපු අගමැතිවරයාට ඔහු ප්‍රශංසා කර තිබෙනවා.

ඒ අනුව දේශපාලනික අතීතයෙන් ඉගෙන ගෙන එය ජාතියක් වශයෙන් ගොඩනැගීමට දායක කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

තවදුරටත් අදහස් දක්වමින් ඇල්බනීස් අවධාරණය කළේ රටේ සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක ස්ථාවරය සහ සමෘද්ධිය අප විසින්ම ගොඩනගා ගත යුතු බවයි.

මේ අතර ඊයේ අගමැතිවරයා ගත් පියවර නිර්භීත පියවරක් විය හැකි බව විශේෂඥයින් විශ්වාසය පළකරනවා.

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »