Search

එලෝන් ට්‍රම්ප්ට එරෙහි නව දේශපාලන පක්ෂය නම් කරයි

තමා නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරන බව බිලියනපති එලෝන් මස්ක් පවසනවා.

සිය සමාජ මාධ්‍ය වේදිකාව වන X හි නිවේදනයක් කරමින් කියාසිටියේ තමා America පක්ෂය පිහිටුවා ඇති බවත් එය Republican සහ Democratic  පක්ෂ දෙකටම අභියෝගයක් වනු ඇති බවයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඇතිවූ උණුසුම් තත්වයෙන් සති කිහිපයකට අනතුරුවයි  බිලියනපතියා මේ බව දැනුම්දුන්නේ.

කෙසේවෙතත් පක්ෂය එක්සත් ජනපදයේ විධිමත් ලෙස ලියාපදිංචි කර ඇත්ද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු වී නැහැ.

තවද එය මෙහෙයවන්නේ කවුරුන්ද, කුමන ස්වරූපයක් ගනීද යන්න මස්ක් තවමත් තොරතුරු සපයා නොමැති බවයි වාර්තා වන්නේ.

පසුගියදා ඔහු සිය X ගිණුමේ එක්සත් ජනපදයට නව දේශපාලනයක් අවශ්‍යද නැත්ද යන්න පිළිබඳ මත විමසුමක් සිදුකළ අතර ඊයේ එහි ප්‍රතිඵලය ලෙස නව දේශපාලන පක්ෂයක් අවශ්‍ය බවට ජනතාව තහවුරු කර ඇති බවට එලෝන් පැවසුවා. 

මේ වනවිට ඇමරිකාව ජීවත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයකින් නොව ඒකපාර්ශවීය ක්‍රමයකින් බැවින් America පක්ෂය මගින් ඔබේ නිදහස ආපසු ලබාදෙන බව එලෝන් මස්ක් සිය X ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. 

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »