
සංචිත බැංකුව විසින් මෑතකදී සිදු කරන ලද පොලී අනුපාත කප්පාදුව නිවාස ඉදිකිරීම් ක්ශේත්‍රය පිලිබඳ “වැඩි විශ්වාසයක්” ඇති කිරීමට හේතු වූ බව නිවාස කර්මාන්ත සංගමයේ කළමනාකාර අධ්‍යක්ෂ ජොසලින් මාටින් පවසනවා.
ඇය පෙන්වා දෙන්නේ ඉදිකිරීම්කරුවන් දැනටමත් නිවාස ඉදිකර ප්‍රදර්ශනය කිරීම සඳහා වැඩි කැමැත්තක් දක්වන බවයි.
එමගින් ගැනුම්කරුවන්ගේද උනන්දුවද ඉහළ ගොස් තිබෙන බවයි ඇය පෙන්වා දුන්නේ.

අනුපාත අඩු කිරීමෙන් පසු නිවාස කර්මාන්තය තුල ධනාත්මක වෙනස්කම් පෙන්නුම් කරන බවද කළමනාකාර අධ්‍යක්ෂවරිය පෙන්වා දෙනවා.
නිවාස ඉල්ලුම යථා තත්ත්වයට පත් කිරීමේ වඩාත්ම තීරණාත්මක පියවර වන්නේ ගැනුම්කරුවන්ගේ විශ්වාසය ගොඩනැගීම බවද ඇය අවධාරණය කළා

ඒ වශයෙන් ගත්කල පොලී අනුපාත කප්පාදුව ඉතා සුවිශේශී බව ඇය සඳහන් කලා.