Search

NSB සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නින්ද අහිමිවෙලා

කල් ඉකුත් වූ සැත්කම් සඳහා රැඳී සිටින ලැයිස්තුව ඉහළ යාම ගැන නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය අමාත්‍යවරයා කනස්සල්ලට පත්ව සිටිනවා.

නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය අමාත්‍ය රයන් පාර්ක් පසවන්නේ ප්‍රාන්තයේ රෝහල්වල සැත්කම් සඳහා බොහෝ කාලයක් බලා සිටින රෝගීන් සංඛ්‍යාව වැඩිවීතිබෙන බවයි.

සෞඛ්‍ය තොරතුරු කාර්යාංශයේ මෑත දත්තවලින් හෙළි වූයේ 2025 පළමු කාර්තුවේදී රෝගීන් 8,587 කට වැඩි පිරිසක් සැත්කම් සඳහා සායනිකව නිර්දේශිත කාලය ඉක්මවා බලා සිටි බවයි.

2024 මුල් භාගයේදී වාර්තා වූ 3,417 ට වඩා විශ්මයජනක ලෙස 151% ක වැඩිවීමක් බව සඳහන්.

මෙම රෝගීන්ට දැනටමත් ප්‍රතිකාර ලබා ගත යුතුව තිබූ බැවින් මෙම ගැටළුව “රාත්‍රියේ මා අවදියෙන් තබන” බව අමත්‍යවරයා පවසා තිබෙනවා.

මැයි මාසය වන විට කල් ඉකුත් වූ රෝගීන් 5,400 දක්වා අඩුවීමක් පෙන්නුම් කරන සංඛ්‍යාලේඛන ඔහු ඉදිරිපත් කළ අතර, එය සැලකිය යුතු ප්‍රගතියක් ලෙස පෙන්වා දෙනවා.

මෙම ප්‍රමාදයන් නිසා ඇති වන දුක් වේදනා තමාට ඉතා කණගාටුවක් එක්කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඇමරිකාවේ අමානුෂික බව කියන සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානය

ඇමරිකා එක්සත් ජනපදයේ තාවකාලික කූඩාරම් සහිත රැඳවුම් මධ්‍යස්ථානයක අමානුෂික ලෙස සංක්‍රමණිකයින් සිය ගණනක් සිරකර සිටින බවට ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් චෝදනා කරනවා. 

Read More »

ප්‍රධාන ගුවන්තොටුපළක ආරක්ෂක පියවරක් ඉවත් කරයි

ඇමරිකාවේ ගුවන් තොටුපලවල ආරක්ෂක පරීක්ෂාවන් වලදී පාවහන් ඉවත් කර පරීක්ෂා කිරීමේ පියවර ඉවත් කර තිබෙනවා. වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම්

Read More »

ට්‍රම්ප් නිසා HIV රෝගීන් මිය යාමේ අවදානමක්

ගෝලීය HIV මර්ධනය සඳහා ඇමරිකාව අරමුදල් අත්හිටුවීම හේතුවෙන් 2029 වන විට HIV ආශ්‍රිත මරණ මිලියන ගනණකින් ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා. ඩොනල්ඩ්

Read More »

Plastic නිෂ්පාදන වල රසායනික ද්‍රව්‍ය 4,200ක් තහනම් කිරීමට ඉල්ලිමක්

Plastic නිෂ්පාදනයන් සදහා භාවිතා කරන මිනිස් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය 4,200කට වැඩි ප්‍රමාණයක් තහනම් කළ යුතු බවට විද්‍යාඥයන් ඉල්ලිමක් සිදුකර තිබෙනවා. Nature සඟරාවේ පළ කරන

Read More »