Search

ලස්සන වෙන්න රූපලාවන්‍ය ප්‍රතිකාර ගත් කාන්තාවන්ගේ ජීවිතය අනතුරේ

මුහුනෙ රැලි අඩු කරගන්න රූපලාවන්‍ය ප්‍රතිකාර ගත් කාන්තාවන්ගේ ජීවිතය අනතුරේ

බ්‍රිතාන්‍ය රූපලාවන්‍ය ශිල්පිනියක් විසින් මුහුනෙ රැලි අඩු කිරීම සදහා භාවිතා කල ටොක්ස්පියා එන්නත විෂ වී කාන්තාවක් රෝහල්ගත කර තිබෙනවා

36 හැවිරිදි මවක වූ කේලි බේලි නම් මෙම කාන්තාවග්ගේ තත්වය මේ වන විට බරපතල වී ඇති අතර එක් ඇස පෙනීමද අහිමිවූ බවයි වෛද්‍යවරුන් කියා සිටියේ.

ඇය පවුම් 75 ක් ලබා දී වාර 3ක් සඳහා ටොක්ස්පියා එන්නත් කරගෙන තිබෙනවා.

තවද ඇයට දින තුනක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමටද සිදු වූ අතර පැය 6 ක කාලයක් ඔක්සිජන් ලබාදීමටද සිදු වී තිබෙනවා.

රූපලාවන්‍යාගාරය පවත්වාගෙන ගිය කාන්තාව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර විමර්ෂණ වලින් හෙළි වූයේ ඇය දකුණු කොරියාවෙන් මෙම ව්‍යාජ ටොක්ස්පියා ආනයනය කර ඇති බවයි.

ඇය මෙම එන්නත නව ටොක්ස්පියා එන්නත් වර්ගයක් ලෙස කියමින් පාරිභෝගිකයන්ට එය ලබා දී තිබෙනවා.

තවද ඇය සම්පූර්ණ පුහුණුවක් ලද් සහ රක්ෂණයක්ද සහිත රූපලාවන්‍යවරියක් ලෙස දැන්වීම් ද පළ කර ඇති බවයි බ්‍රිතාන්‍ය පොලීසිය කියා සිටියේ.

මේ වන විටත් ටොක්ස්පියා එන්නත විෂ වී කාන්තාවන් 28 දෙනෙකු රෝහල්ගත කර ඇති බව වෛද්‍යවරුන් වාර්තා කර සිටියා.

ඇමරිකාවේ අමානුෂික බව කියන සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානය

ඇමරිකා එක්සත් ජනපදයේ තාවකාලික කූඩාරම් සහිත රැඳවුම් මධ්‍යස්ථානයක අමානුෂික ලෙස සංක්‍රමණිකයින් සිය ගණනක් සිරකර සිටින බවට ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් චෝදනා කරනවා. 

Read More »

ප්‍රධාන ගුවන්තොටුපළක ආරක්ෂක පියවරක් ඉවත් කරයි

ඇමරිකාවේ ගුවන් තොටුපලවල ආරක්ෂක පරීක්ෂාවන් වලදී පාවහන් ඉවත් කර පරීක්ෂා කිරීමේ පියවර ඉවත් කර තිබෙනවා. වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම්

Read More »

ට්‍රම්ප් නිසා HIV රෝගීන් මිය යාමේ අවදානමක්

ගෝලීය HIV මර්ධනය සඳහා ඇමරිකාව අරමුදල් අත්හිටුවීම හේතුවෙන් 2029 වන විට HIV ආශ්‍රිත මරණ මිලියන ගනණකින් ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා. ඩොනල්ඩ්

Read More »

Plastic නිෂ්පාදන වල රසායනික ද්‍රව්‍ය 4,200ක් තහනම් කිරීමට ඉල්ලිමක්

Plastic නිෂ්පාදනයන් සදහා භාවිතා කරන මිනිස් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය 4,200කට වැඩි ප්‍රමාණයක් තහනම් කළ යුතු බවට විද්‍යාඥයන් ඉල්ලිමක් සිදුකර තිබෙනවා. Nature සඟරාවේ පළ කරන

Read More »