Search

මෙල්බන් ප්‍රහාරයකට සම්බන්ධ පුද්ගලයෙකුගේ තොරතුරු මාධ්‍යට

මෙල්බන් සිනගෝගයට බෝම්බ ප්‍රහාරයක් මගින් ගිනි තැබූ පුද්ගලයාගේ තොරතුරු වික්ටෝරියා පොලිසිය විසින් මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

මෙම සිදුවීම වන අවස්ථාවේ Melbourne Hebrew Congregation තුළ 20 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් කිසිවෙකුටත් හානි සිදුනොවූ බව වික්ටෝරියා පොලිසිය සදහන් කර සිටියා.

නිකුත් කරන ලද CCTV දර්ශන වල ඉදිරිපස ගේට්ටුව පසුකර යන අඳුරු පැහැති ඇදුමකින් සැරසුනු පුද්ගලයෙකු බෑගයක්ද අතැතිව ගමන් කරන ආකාරය සටහන් වී තිබෙනවා.

පොලීසිය විසින් ඔහු කොකේසියානු ජාතිකයෙක් ලෙස හදුනාගෙන ඇති අතර ඔහුගේ වයස අවුරුදු 30 ක් ද, දිගු කොණ්ඩයක් සහ රැවුලක් ඇති බවට සැක කරන බව සදහන් කර සිටියා.

එදිනම රාත්‍රියේ, මෙල්බර්න් හි විරෝධතාකරුවන් 20ක් පමණ “Death to the IDF” ලෙස කෑ ගසමින් ඊශ්‍රායෙල් ජාතිකයෙකුට අයත් අවන්හලක් වන මිස්නන් වෙත කඩා වැදී කලහකාරී ලෙස හැසිරී තිබෙනවා.

මෙම සිදුවීම් දෙකම එකිනෙකට සම්බන්ද දැයි සෙවීම සදහා විමර්ශනක් ආරම්භ කර ඇති අතර සාක්ෂි ලබාදීම සදහා ඉදිරිපත් වන ලෙස වික්ටෝරියා පොලිසිය ඉල්ලා සිටියා.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »

පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

2025 පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ හිරුණ ද සිල්වා සහ මීදුම් මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

Read More »