
ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ වැවර්ලි ජාත්‍යන්තර පාසල් නෙට්බෝල් තරගාවලිය සඳහා සහභාගිවීමට නියමිතව තිබෙනවා.
මෙම තරගාවලිය මෙල්බන් හී ජූලි 8 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම ජූලි 6 වන ඉරිදා දින ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට සුදානම්.

19න් පහළ කණ්ඩායමේ නායකත්වය මහනුවර මහාමායා විදුහලේ මහේෂි කුලසේකර වෙත හිමි වී තිබෙනවා.
මේ තරගාවලිය සදහා ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, පාකිස්තානය හා සිංගප්පූරුව ඇතුළු රටවල් නියෝජනය කරන පාසල් කණ්ඩායම් 23ක් සහභාගී වීමට නියමිතයි.
