
නේතන්ගේ ප්‍රසිද්ධ හොට් ඩෝග් කෑමේ තරඟයේදී [Nathan’s Famous Hot Dog Eating Contest] ඕස්ට්‍රේලියානු ජාතික ජේම්ස් වෙබ් [James Webb] 3 වන ස්ථානයට පත්වී තිබෙනවා.
එහිදී විනාඩි 10 කින් හොට්ඩොග් 45.5 ක් කෑමට ඔහු සමත්වුනා.
සිඩ්නි නගරයේ ජීවත්වන හිටපු ජිම් හිමිකරුවෙකු වන ජේම්ස් 2021 වසරේදී 5kg ක බර්ගර් එකක් මිනිත්තු 27:37 කින් කා අවසන් කළා.

ඉතිහාසයේ එය මිනිත්තු 30 ක් තුළ සම්පූර්ණ කළ එකම පුද්ගලයා වන්නේ ඔහුයි.
Major League eating හි ඔස්ට්‍රේලියාවේ අංක එකේ පසුවන ජේම්ස් එහි ලෝක ශ්‍රේණිගත කිරීම්හි 4 වන ස්ථානයේ පසුවනවා.

ආහාර ගැනීමේ තවත් වාර්තා 7 ක් ද ඔහු සතු වනවා.