
spicy drugs නීතිවිරෝධීව ආනයනය කළ කාන්තාවන් 4 දෙනෙකු බ්‍රිස්බේන් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් දෙදෙනෙකු අවුරුදු 18 ක් වන තරුණියන් බවයි ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය පවසන්නේ.
හොංකොං සිට පැමිණ ඇති කාන්තාවන් දෙදෙනෙකු ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන්ට විදේශ ගමන් බලපත්‍ර, ගුවන් ටිකට්පත් සහ නවාතැන් ලබා ගැනීම සඳහා උපදෙස් ලබා දුන් තවත් දෙදෙනෙකු පසුව පොලිස් භාරයට ගැණුනා.

ගමන් මලු හතරක තුවාවල ඔතා තිබු spicy drugs bricks 30 ක් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
කාන්තාවන් 4 දෙනාම Brisbane මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී එක් කාන්තාවකගේ ඇප ප්‍රතික්ෂේප කෙරුණු අතර ලබන 17 වනදා යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම වී තිබෙනවා.
අනෙක් තුන්දෙනාට කොන්දේසි සහිත ඇප ලබා දී ඇති අතර ලබන 18 වනදා ඔවුන් නැවත අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.
චෝදනා ඔප්පු වුවහොත් ඔවුන්ට ජීවිත කාලය පුරා සිරදඬුවම් විඳීමට සිදුවනු ඇති.