
ශරීර බරට සාපේක්ෂව, මිනිස් වෘෂණ කෝෂයක් (testicle) ගෝරිල්ලෙකුගේ ප්‍රමාණයෙන් තුන් ගුණයකින් විශාල නමුත් චිම්පන්සියෙකුගේ ප්‍රමාණයෙන් පහෙන් එකක් පමණ කුඩා බවට හෙළිවී තිබෙනවා.
මිනිස් සිරුර යනු අත් පා, ඇස්, අක්මාව සහ මොළය දක්වා වසර බිලියන ගණනක සිට පැවත එන එකට එකතුකළ යන්ත්‍රයක් ලෙසයි සැලකෙන්නේ.
නමුත් මෙම මිනිස් සිරුර පරිණාමයවීමට හේතුව පිළිබඳ විද්‍යාඥයින් තවමත් විවිධ මත ඉදිරිපත් කරමින් සිටිනවා.

Abyssinian black and white colobus වඳුරා සහ bonnet macaque වැඩිහිටි පිරිමි වඳුරන් දළ වශයෙන් එකම ප්‍රමාණයෙන් යුක්ත වනු ඇති.
එමෙන්ම චිම්පන්සියන්, මිනිසුන් සහ ගෝරිල්ලන් මෙන්ම ඔවුන්ගේද testicle විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්ත බවටයි අනාවරණය වී ඇත්තේ.

colobus වඳුරාගේ වෘෂණ කෝෂවල (testicle) බර ග්‍රෑම් 3 වන නමුත් macaque වඳුරාගේ වෘෂණ කෝෂවල බර ග්‍රෑම් 48 ක් වැනි විශාල අගයක් බවට වාර්තා වනවා.
කෙසේවෙතත් විවිධ වෘෂණ කෝෂ ප්‍රමාණයන් සඳහා හේතුව ලෙස විශ්වාස කළ හැක්කේ විවිධ සත්වයින් සංසර්ගයේ යෙදෙන ආකාරය බවටයි සත්ව විද්‍යාඥයින්ගේ මතය වන්නේ.