Search

අධික උෂ්ණත්වයේදී වාහනයේ සිටි දැරියට සිදුවූ ඛේදජනක ඉරණම

 

මෝටර් රථයක දමා ගිය දැරියක් අධික උෂ්ණත්වය හේතුවෙන් මියයාමේ සිද්ධියක් ටෙක්සාස් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වයස අවුරුදු 9ක් වූ දැරිය ඇයගේ මව විසින් උදෑසන එක්සත් ජනපදයේ ගැලීනා පාර්ක් හි [Galena Park] මෝටර් රථයක පසුපස ආසනයේ තබා රැකියාව සඳහා ගොස් තිබෙනවා.

දැරියට කෑම සහ ජලය සපයා දී කවුළුව අඩක් විවර කර තැබීමට ද මව කටයුතු කරනු ලැබුවා.

එදින පස්වරුවේ උෂ්ණත්වය 36°C දක්වා ඉහළ ගිය බවයි හැරිස් ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ.

පස්වරුවේ මව පැමිණි අවස්ථාවේ දැරිය දැක පොලිසියට දැනුම් දී තිබෙනවා.

පසුව දැරිය රෝහල්ගත කෙරුණු ද එහිදී ඇය මියගිය බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

දැරියගේ මව අත්අඩංගුවට ‌ගෙන ඇති අතර ඇයට එරෙහිව නඩු පැවරීමට නියමිතයි.

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »