Search

විශ්‍රාමික වයස් සීමාව වැඩි කිරීම සම්බන්ධයෙන් ගැටලු

 

විශ්‍රාම වැටුප් වයස දක්වා වැඩ කළ නොහැකි සේවකයින්ට කළයුතු විකල්ප ක්‍රියාමාර්ග ඇති බව විශේෂඥයින් පවසනවා.

 2023 සිට ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප් (Age Pension) වයස් සීමාව අවුරුදු 65 සිට 67 දක්වා ඉහළ නංවනු ලැබුවා.

එය තමන්ට විශාල අභියෝගයක් බවයි ‌මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ සේවකයින් පෙන්වා දී ඇත්තේ.

මූල්‍ය පුහුණුකරුවකු වන කැරන් එලී [Karen Eley] පවසා ඇත්තේ විශ්‍රාම වැටුප් වයස් සීමාව ඉහළ දැමීම ඕස්ට්‍රේලියාවේ වයස්ගත ජනගහනයට බලපාන බරපතල ගැටළුවක් බවයි.

එහෙත් විශේෂඥයින් මේ සඳහා විකල්ප කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

 තවමත් වැඩ කරන අවුරුදු 65 ක් ගතවුවන්ට Superannuation ලබාගත හැකි බවයි ඔවුන් පවසන්නේ.

එහෙත් preservation age එකට පැමිණි පුද්ගලයින්ට නවීන විශ්‍රාම සන්ධි ක්‍රමයක් (Transition to Retirement) යටතේ ආදායමක් ලබාගත හැකි බව විශේෂඥයින් පවසනවා.

ඒ අනුව 67 වැනි වියේ පසුවන ඕස්ට්‍රේලියාවේ අවුරුදු 10 කට වැඩි කාලයක් නේවාසිකව ජීවත්වන ආදායම් සහ සම්පත් සීමාවන් සඳහා සුදුසුකම් සපුරාලන පුද්ගලයින්ට විශ්‍රාම වැටුප් ලබාගත හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »