Search

ට්‍රම්ප්ගේ ගාසා සටන් විරාමයට හමාස් සංවිධානයේ ප්‍රතිචාර

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සටන් විරාම යෝජනාවට හමාස් සංවිධානයේ ධනාත්මක ප්‍රතිචාර ලැබී තිබෙනවා.

ඔවුන් පවසන්නේ ප්‍රාණ අපකරුවන් නිදහස් කිරීම සහ ගැටුම අවසන් කිරීමේ ගිවිසුම පිළිබඳ සාකච්ඡාවකට එළැඹීමට තමන් සූදානම් බවයි.

ඊශ්‍රායලය සහ හමාස් අතර මාස 21 කට ආසන්න කාලයක් පවතින යුද්ධයේදී දින 60 ක සටන් විරාමයක් සඳහා “අවසාන යෝජනාවක්” එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කරනු ලැබුවා.

කෙසේවෙතත් මානුෂීය ආධාර, රාෆා හරහා ඊජිප්තුවට ගමන් කිරීම සහ ඊශ්‍රායල හමුදා ඉවත් කර ගැනීමේ කාලසටහන පිළිබඳ අවිනිශ්චිතතාවයක් පවතින බවයි හමාස් සංවිධානයේ පලස්තීන නිලධාරියෙකු පැවසුවේ.

මේ අතර ට්‍රම්ප් අඟහරුවාදා පැවසුවේ ඊශ්‍රායලය සටන් විරාමයට අවශ්‍ය කොන්දේසිවලට එකඟ වී ඇති බවත්, එම කාලය තුළ පලස්තීන ප්‍රදේශයේ යුද්ධය අවසන් කිරීමට උත්සාහ කරන බවයි.

නමුත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මේ සම්බන්ධයෙන් තවමත් අදහස් දක්වා නොමැති අතර  සඳුදා වොෂින්ටනයේදී ට්‍රම්ප් හමුවීමට නියමිතයි.

2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය සිය හදිසි ප්‍රහාරය දියත් කළ විට බොහෝ දුරට සිවිල් වැසියන් ඇතුළු 1,200 ක් පමණ මිය ගිය අතර තවත් 251 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර හමාස්ට එරෙහි ඊශ්‍රායලයේ පළිගැනීමේ ක්‍රියා හමුවේ, මිලියන 2 කට අධික ජනගහනයෙන් වැඩි කොටසක් අවතැන් කර ඇති අතර ඔවුන් කුසගින්නේ පෙළෙන බව වාර්තාවල සඳහන්.

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවති සටන්වලදී පලස්තීනුවන් 57,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සිවිල් වැසියන් බව එරට ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් පවසනවා.

 

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »