
ඕස්ට්‍රේලියානු ඩොලරයේ නැවත පිබිදීමක් සිදුව ඇතැයි මූල්‍ය විශේෂඥයින් පවසනවා.
නමුත් ඔස්ට්‍රේලියානු ඩොලරය පමණක් නොව 2025 වසරේ බොහෝ මුදල් ඒකක ශක්තිමත්වීමට හේතුව එක්සත් ජනපද ඩොලරයේ පසුබෑම බවයි විශේෂඥයින් පෙන්වාදෙන්නේ.
Greenback දර්ශකයට අනුව ඇමරිකානු ඩොලරය ජූනි 30 දක්වා වන මාස 6 තුළ සියයට 10.7 කින් දරුණු ලෙස පහත වැටුණා.

ට්‍රම්ප් පරිපාලනය එක්සත් ජනපද දළ දේශීය නිෂ්පාදිතයට මෙන්ම ආයෝජනකයින් මත පැනවූ තීරු බදු ඩොලරයේ පසුබෑමට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් ඇමරිකාවට යන ඔස්ට්‍රේලියානු සංචාරකයින්ට මෙය සුභ ආරංචියක් වනු ඇති.

නමුත් එක්සත් ජනපද ඩොලරය අඛන්ව අස්ථාවර වුවහොත් එය අපගේ අපනයන ආර්ථිකය කෙරෙහි දැඩි ලෙස බලපානු ඇති බවයි ආර්ථික විශේෂඥයින් වැඩිදුරටත් කියාසිටියේ.