Search

මළ සිරුරු සමඟ මාසයක් ජීවත් වූ සිඩ්නි කාන්තාවක්

මාසයකට ආසන්න කාලයක් මළ සිරුරු 2 ක් සමග ජීවත් වූ කාන්තාවක් පිළිබඳ සිඩ්නි නගරයෙන් වාර්තා වනවා.

සිඩ්නි හි සරී හිල්ස් ප්‍රදේශයේ දිරාපත් වූ දෙමහල් නිවසක වැඩිහිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සමග කාන්තාවක් ජීවත් වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

එම දිරාපත් වූ මළ සිරුරු මාසයකට පමණ පෙර මිය ගොස් ඇතැයි විශ්වාස කරන බව පොලීසිය කියාසිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් Eleanor Barker නම් 63 හැවිරිදි මෙම කාන්තාව සමග පොලීසිය ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

පොලීසිය කියාසිිටියේ මියගිය පුද්ගලයින් වයස අවුරුදු 70 ක් සහ 80 ක් වන අතර ඔවුන් පසුගිය සති කිහිපය තුළ විවිධ කාලවලදී මියගොස් ඇති බවට විශ්වාස කරන බවයි.

එත් අසල් වැසි පැවසුවේ නිවසේ මිනිස්සු ජීවත්ව සිටීයාද යන්න පිළිබඳ නොදැන සිටි බවයි.

රහස් පරීක්ෂකයින්ද නිවස තුළ පරීක්ෂණ ආරම්භ කළ අතර මියගිය දෙදෙනා අවසන් වරට දුටුවේ කවදාද පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එක් අසල් වැසියෙකු පැවසුවේ පසුගිය දිනවල බාර්කර් නම් කාන්තාව තමන් සමග උද්යෝගයෙන් සුහදව කතාබස් කළ බවයි.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »